colombotimes.lk
සිංහල | English

17 September 2024


පැරා ඔලිම්පික් උළෙල අදින් ඇරඹෙයි



2024 පැරා ඔලිම්පික් උළෙල අද (28) ආරම්භ වනවා.

ඒ ප්‍රංශයේ පැරිස් නුවරදීයි.

එම උළෙලට ක්‍රීඩා ඉසව් 22ක් ඇතුළත් වන අතර රටවල් 189කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට අධික සංඛ්‍යාවක් සහභාගී වන බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මෙවර පැරා ඔලිම්පික් උළෙලේදී පළමුවෙන් නවීඩ් රෂීඩ් මීටර් 400 නිදහස් ආර පිහිනුම් මූලික වටයේ තරගයකට සහභාගී වීමට නියමිතයි.

එම තරගය හෙට (29) මෙරට වේලාවෙන් පස්වරු 1.00ට පැවැත්වෙනවා.

(colombotimes.lk)