මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබෙනවා.
ඒ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන්.
එම ගිලා බැසීම හේතුවෙන් මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනයද තාවකාලිකව අත්හිටුවීමට අද (11) උදෑසන පියවර ගත්තා.