22 October 2025

logo

පාර්ලිමේන්තුව අද රෝස පැහැයක් ගනියි



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී අද (22) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දී තිබෙනවා.

ඒ ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන්.

ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය විසින් අද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේදී අද ලබාදීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)