19 September 2025

logo

ජෙරම් ගේ පෙත්සම ඉල්ලා අස්කර ගනී



තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. 

එම පෙත්සම ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස් කරගත් බව වාර්තා වනවා. 
 
ඒ අනුව අධිකරණය විසින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී ඇති බව සඳහන්. 
 
අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදු කෙරෙන බැවින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස මින් පෙර දැනුම්දී තිබුණා. 
 
රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් මෙම දැනුම් දීම සිදුකළ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)