28 January 2026

logo

පැතුම්ගේ - පවන්ගේ ඉනිම් අපතේ යයි - සියලු බලාපොරොත්තු අවසන්



එංගලන්ත කණ්ඩායමට එරෙහිව වසර 12කට පසු එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර අහිමි වුණා.

ඒ දෙරට අතර පැවති අවසන් එක්දින තරගය අවාසනාවන්ත ලෙස ලකුණු 53කින් පරාජයට පත්වීමත් සමඟයි.

මෙම තරගයේ පළමු ඉනිම් ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 357ක් රැස් කළා.

කෙසේ වෙතත් ලකුණු 358ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 304ක් පමණයි.

එහිදී පැතුම් නිස්සංක පන්දු 25කින් ලකුණු 50ක් රැස් කිරීමට සමත්වුණා.

එමෙන්ම අවසන් මොහොත දක්වාම තරගයේ පරාජය භාරනොගත් පවන් රත්නායක සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 121ක් රැස් කළා.

ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත තරගාවලියේ ජය තරග 2ට 1ක් ලෙස එංගලන්තය තමන් සතු කරගත්තා.

(COLOMBOTIMES.LK)