ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒමට යොදා ගත හැකි බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඊයේ ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අමතමින් ඇය මේ බව සඳහන් කළා.
වනජීවී පර්යේෂණ ආයතන මගින් විදේශ නිලධාරීන්ට පුහුණුවක් ලබා දෙන්නේ නම් මෙරට ස්වභාවික සම්පත් මෙන්ම වනජීවී සම්පත හරහාද රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි බව ඇය කියා සිටියා.
සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරිය කියා සිටියේ ජීවිත නොසලකා දෙපාර්තමේන්තුවේ සේවය කරන වනජීවී නිලධාරීන් සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවයි.
එමෙන්ම වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක පමණ මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)