22 February 2026

logo

පයාගලදී කැබ් රථයක් දුම්රියක ගැටෙයි - දෙදෙනෙක් ජීවිතක්ෂයට



ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ අද (22) උදෑසන කැබ් රථයක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතිරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙක් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 22ක් හා 28ක් වන තරුණයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)