22 February 2026

logo

දිස්ත්‍රික්ක 04ක නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) පෙරවරු 09.30 සිට හෙට පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම සංවිධානය සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ ඊට අයත් වන බවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශද මේ සඳහා ඇතුළත් වන අතර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශවලටද මෙම ඇනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.


(colombotimes.lk)