ශ්‍රී ලංකාවේ 77වන ජාතික නිදහස් දිනය සමරමින් නිදහස් සැමරුම් උත්සවයක් පසුගියදා පවත්වා තිබෙනවා.
ඒ කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදීයි.
එම උත්සවයට සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ද සහභාගී වී තිබෙනවා.
සෑම වසරකම නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද ක්‍රියාවට නංවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ යටතේ පෙබරවාරි 01වනදා සිට 14වනදා දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිළිදෙක් වෙනුවෙන්ම රු.2000ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් පෙබරවාරි 04වනදා උදෑසන මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී හා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් හා ත්‍යාගයන් පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව මහජන බැංකුව සිය සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලට උපත් ලියාපදිංචි කිරීමේ හා ගිණුම් විවෘත කිරීමේ කවුළුවක් සමඟ පුටු කට්ටලයක් සහ ද සොයිසා කාන්තා රෝහලට පුටු කට්ටලයක් පිරිනැමීමද සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවන්ට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන, බොරැල්ල ‘ද සොයිසා’ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කොළඹ උතුර හා දකුණ ප්‍රාදේශිකයන්හි බැංකු කාර්ය මණ්ඩලයද සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)