දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (25) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.