27 January 2026

logo

දිට්වා හේතුවෙන් තවමත් අතුරුදන් වී සිටින පිරිස හෙළි කරයි



දිට්වා සුළි සුළඟත් සමඟ මෙරට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 173දෙනෙක් අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ නුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 69දෙනෙක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 38දෙනෙක් අතුරුදන්ව සිටින බවයි. 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිස් දෙදෙනෙක් අතුරුදන්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

එමෙන්ම ආපදා තත්ත්වය හමුවේ නුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයන් 649දෙනෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 243ක් ලෙසයි. 

බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 89දෙනෙක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 81දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථාන 85ක පුද්ගලයන් 6,680දෙනෙක් රඳවා සිටින බවයි. 

(colombotimes.lk)