යතුරුපැදි සොරකමේ නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වරකාපොළ පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින්.
වරකාපොළ පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් විසින් ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් ධාවනය කළ යතුරුපැදි 02ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිරිඋල්ල සහ දඹදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් බවත් පොලීසිය සඳහන් කළා.
සැකකරුවන් ඊයේ (15) වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඔවුන් එළඹෙන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
