08 January 2026

logo

මහජන බැංකුවෙන් ජයග්‍රාහකයන් 18දෙනෙක්ට බැංකොක් සවාරි



මහජන බැංකුවේ People's Remittance Vaasi Kotiyai වැඩසටහනේ බැංකොක් සවාරි දිනාගත් ජයග්‍රාහකයන් 18දෙනෙක් තෝරා පත්කරගෙන තිබෙනවා.
 
ඒ 2025 ජූලි 30වනදා සිට දෙසැම්බර් 02වනදා දක්වා කාලය සඳහායි.

මෙම People's Remittance Vaasi Kotiyai  වැඩසටහනේ සතිපතා දිනුම් ඇදීම් පසුගියදා පවත්වා තිබෙනවා. 

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ දායකත්වය අගය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම විශේෂ වැඩසටහන යටතේ සෑම ජයග්‍රාහකයෙකුටම සුවිශේෂී බැංකොක් සංචාරක පැකේජයක් පිරිනැමීම විශේෂත්වයක්. 

මෙම දිනුම් ඇදීම සඳහා මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සිල්ලර බැංකු සහ විදේශීය පාරිභෝගික සේවා) අරුණි ලියනගුණවර්ධන, ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම්, සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) අමල්කා රණසිංහ, සහකාර සාමාන්‍යාධිකාරී (OCS) බුද්ධික මනතුංගගේ, චෙත් මනතුංග, චෙත් රණතුංග ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)