මහජන බැංකුව ප්‍රධාන සම්මාන 05කින් පිදුම් ලැබීමට සමත් වී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පිරිනමන ලද 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදීයි.
මෙම වසරේ සම්මාන උළෙලේදී බැංකු අංශයේ ජයග්‍රාහී සම්මාන, දේශීය වෙළඳපොළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය සහ ධාරිතා ගොඩනැගීමේ විශිෂ්ටත්වය යන කාණ්ඩවල ජයග්‍රාහී සම්මාන මහජන බැංකුවට පිරිනමා තිබෙනවා.
එමෙන්ම අති විශාල කාණ්ඩයේ පළමු අනුශූරතාවය සහ සමස්ත විශිෂ්ටත්වය සඳහා ලෝකඩ සම්මානය ද මහජන බැංකුව හිමිකර ගැනීමට සමත් වුණා.
මූල්‍ය නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනයේ සිට මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ ග්‍රාමීය වෙළඳපොළ ප්‍රවේශය දක්වා ප්‍රධාන උපායමාර්ගික ක්ෂේත්‍ර හරහා මහජන බැංකුව අඛණ්ඩව විශිෂ්ටත්වය හඹායාම සඳහා මෙම ගෞරවනීය සම්මාන හිමි වී තිබෙනවා.
එම සියලුම සම්මානවලින් පිළිඹිබු වන්නේ සියලුම ව්‍යාපාර මූලධර්ම හරහා ශක්තිමත් කාර්ය සාධනයක් පවත්වා ගනිමින් පුළුල් ජාතික අවශ්‍යතා සමඟ එහි මෙහෙයුම් පෙළගැස්වීමට බැංකුවට ඇති හැකියාවයි.