18 February 2026

logo

ආවා කල්ලි සාමාජිකයන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර



ආවා කල්ලියේ සාමාජිකයන් දෙදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යාංශය අවසර ලබාගෙන තිබෙනවා. 

පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන්දියාවට පළාගොස් සිටි මෙම සැකකරුවන් දෙදෙනා පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ, කටුනායක ගුවන්තොටුපළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

යාපනයේ ප්‍රකට ආවා කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙක් වන මෙම සැකකරුවන් 2016 වසරේ මනිපායි ප්‍රදේශයේ සිදුකළ ඝාතනයකින් පසුව ඉන්දියාවට පළාගොස් සිටි බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)