PHOTOS | පිලිපීන භූ කම්පනයේ සුනාමි රළ ජපානයට



ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ තිබෙනවා.

ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් 7.5 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෙන්ටිමීටර 40 ක පමණ උස රළ පහරක් එලෙස ගොඩබිමට පැමිණ ඇති බවයි.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග එම දූපතේ වෙරළාසන්නව සිටි වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ජපන් බලධාරින් කටයුතු කර තිබෙනවා.

ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.

මුහුදේ යාත්‍රා කරමින් සිටි පිරිස්වලට ද නැවත දැනුම් දෙනතුරු ගැඹුරු මුහුදු කලාපයේම රැදී සිටින්නැයි දන්වා තිබෙනවා.

පිලිපීනයේ ඇතැම් ජන ශූන්‍ය ප්‍රදේශවලට ද සුනාමි රළ පහර සුළු වශයෙන් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මේ වන විට භූ කම්පනයෙන් පැවති සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි.
(colombotimes.lk)
Earthquake news: 7.7 magnitude earthquake hits Philippines as Japan issues  tsunami alert
Japan issues tsunami alert after powerful quake hits Philippines | World  News - Hindustan Times

People gather along a street after evacuating following a 7.6 earthquake struck Butuan City, in southe  island of Mindanao.