අප්‍රේල් මස 09වනදා සිට 21වනදා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ අදාළ කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති බවයි.
ඒ අනුව 1955 ක්ෂණික දුරකථන අංකය සහ 0712 595 555 වට්ස්ඇප් අංකය මඟින් මගී ජනතාවට සම්බන්ධවීමට හැකියාව පවතිනවා.
එමෙන්ම ජාතික ගමනාගමන මණ්ඩලයේ බස් රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකථන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)