මෙරට දෛනිකව සිදු කරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30%කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එහි ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ කේ. වි. කේ. අල්විස් සඳහන් කළේ ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවයි.
ඩිජිටල් ගෙවීම් කාණ්ඩයට අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ONLINE BANKING ගණුදෙනු මෙන්ම කාඩ්පත් ඔස්සේ සිදුකරන ගෙවීම් ඇතුළත් වනවා.
එමෙන්ම ඩිජිටල් ගෙවීම් පිළිබඳ ප්‍රවර්ධනය සමඟ දෛනිකව සිදුවන ඩිජිටල් ගෙවීම් ප්‍රමාණය 21 ලක්ෂ පනස්දහස සීමාවට රැගෙන ඒමට සැලසුම් කරන බව කේ. වි. කේ. අල්විස් සඳහන් කළා.
(colombotimes.lk)