අතුරුදන්ව ඇති තරුණයෙක් සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම තරුණයා අතුරුදන්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ මව විසින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කාලිංග රමේෂ් චතුරංග පෙරේරා නමැති 25 හැවිරිදි වියේ පසුවූ කලහුගොඩ මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි තරුණයෙක්.
උස අඩි 05යි අඟල් 05ක් පමණ වන තලෙළු සිරුරක් හිමි මෙම තරුණයාගේ වම් අත දිගට පච්චයක් කොටා තිබෙනවා.
අවසන් වරට ඔහු හැඳ සිට ඇත්තේ නිල්පාට සුදු ඉරි සහිත කොට කලිසමක් සහ කළුපාට අත්දිග කමිසයක්.
අතුරුදන්ව ඇති තරුණයාගේ ඡායාරූපය පහතින් දැක්වෙන අතර ඔහු පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන වෙත දැනුම්දෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරනවා.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති - 071 8591612 / මිනුවන්ගොඩ පොලීසිය - 031 2295223
(colombotimes.lk)