මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 02වනදා තෙබුවන ප්‍රදේශයේදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙක් සම්බන්ධ බවට තොරතුරු හෙළි වීමෙන් පසුව මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම ජාලයට තවත් සැකකරුවන් කිහිපදෙනෙක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවයි.
(colombotimes.lk)
