20 November 2025

logo

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයන්ට නීතිය දැඩි වෙයි



වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ ත්‍රීරෝද රථ පදවන විදේශිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත කොළඹ රථ වාහන මූලස්ථානය නියෝග කර තිබෙනවා. 

ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තිබුණද රියදුරු බලපත්‍රයේ අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවසර නොමැති නම් මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික තීරෝද රථ රියදුරු බලපත්‍රය නිකුත් නොකරන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවශ්‍ය නම් මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා තාවකාලික ත්‍රීරෝද රථ බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 

(colombotimes.lk)