බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.
අඹගස්දෝව පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ පොලිස් කොස්තාපල්වරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය අද (27) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)
