පාරිසරික නීතිය දැඩි ලෙස උල්ලංඝණය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය දිනවල අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් පැමිණිලි රැසක්ද ලැබී ඇති බවයි.
එමනිසා ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින පාරිසරික ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
