26 February 2026

logo

සාමාන්‍ය පෙළ අවසන් දිනයේ පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) අවසන් වීමට නියමිතයි. 

මීට පෙර වසරවලදී ද සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතර එම විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී සිදුවීම් පැවතීම හේතුවෙන් මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළා. 

පොලීසිය දැනුම්දෙන්නේ ඒ අනුව දෙමව්පියන්ද සිය දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීමට කටයුතු කරන ලෙසයි. 

(colombotimes.lk)