09 October 2025

logo

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්



අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා සිදුවන බවයි. 

මෙවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි වාර්තා වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එබැවින් භාවිතකරන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් තුළ නොදන්නා පුද්ගලයන් සහ  සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදු කරන වංචනික පෙළඹවීම්වලට හසු නොවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි. 

එමෙන්ම ගිණුම් අංක, මුරපද ආදී රහස්‍ය තොරතුරු බාහිර පුද්ගලයන්ට ලබාදීමෙන් වළකින ලෙසටත් දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)