09 May 2025


සුඩාන ගැටුම්වලින් පෝලියෝ එන්තත් මිලියනයක් විනාශයට



සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් පෝලියෝ එන්නත් මිලියනයකට වඩා විනාශ වී තිබෙනවා. 

දකුණු ඩාර්ෆුර් ප්‍රදේශයේ සිදුවූ කොල්ලකෑම් හෝ ගිනිතැබීම් හේතුවෙන් මෙලෙස ගබඩා කර තිබූ එන්නත් විනාශ වී ඇති බවටයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කළේ. 
 
පෝලියෝ වෛරසය හේතුවෙන් අවුරුදු පහට අඩු දරුවන් අංශභාගය හෝ මරණයට පත්වීමට හැකියාව පවතින බවත් මලාවි, මොසැම්බික් සහ සුඩානය වැනි රටවලින් පසුගිය වසරේ සිට රෝගීන් වාර්තාවී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.
(colombotimes.lk)