20 August 2025

logo

නුවරඑළියේ අයාලේ යන පෝනියන්ට වැඩ වරදියි



නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම වාහනවලට අවහිර වන ලෙස අයාලේ සැරිසරන පෝනියන් අල්ලා ගාල් කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර පවසනවා. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෝනියන්ගේ අයිතිකරුවන්, පෝනියන්ගෙන් ආදායමක් ලබාගැනීම පමණක් සිදු කර සතුන් රැකබලා ගැනීමක් සිදු නොකරන බවයි.
 
මෙ‍ම සතුන් නගරය පුරා සැරිසරමින් ආපනශාලාවලින් හා සංචාරකයන් ලබාදෙන ආහාර ගන්නා බවත් ඇතැම් පෝනියන් රෝගාතුරව සිටින බවත්, එම සතුන් සුවපත් කිරීමට අයිතිකරුවන් කටයුතු නොකරන බවද නගරාධිපතිවරයා සඳහන් කළා. 

අයාලේ සැරිසරන පෝනියන්ගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් මත මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මෙම පෝනියන් නගරසභාව විසින් ගාල් කර ඇති බවත් නැවත අයිතිකරුවන් භාරයට ගන්නේ නම් දඩ මුදලක් ගෙවිය යුතු බවත්, භාර නොගන්නේ නම් නගර සභාව විසින් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරත් කියා සිටියා. 





(colombotimes.lk)