ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේදී ඉක්මවා ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගත් බවයි.
පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ විවිධ වෘත්තීන් සඳහා නව බඳවා ගැනීම් සහ ස්ථීර කිරීම් රාශියක් සිදු කළ බව තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
