12 January 2026

logo

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි



වර්තමානයේ පවතින අවදානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙහිදී බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13,600ක රක්ෂණ මුදලක් ගෙවිය යුතු අතර එවිට වගා හානියකදී අක්කර 01ක් සඳහා රුපියල් 180,000ක මුදලක් වන්දි වශයෙන් ගොවියා වෙත ලබාදෙන බවයි වාර්තා වන්නේ. 

මෙම රක්ෂණ ක්‍රමය මඟින් ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පලිබෝධ හා කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදු වන වගා හානි මෙන්ම වන අලින්ගෙන් සිදු වන වගා හානි ද මෙමඟින් ආවරණය වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)