12 January 2026

logo

වනිඳු ඉතිහාසගත වෙයි



ජාත්‍යන්තර T20 තරග රටාව තුළ වේගයෙන්ම කඩුලු 150 සීමාව පසුකර ගිය පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට වනිදු හසරංග ඊයේ (11) සමත් වුණා.

ඒ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් තරගයේදී කඩුලු 4ක් බිඳ දැමීමත් සමඟයි

මේ සඳහා ඔහුට වැය වූ ඉනිම් සංඛ්‍යාව 92ක්.

මීට පෙර ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් ඉනිම් 92කින් T20 කඩුලු 150 සීමාව පසු කරමින් එම වාර්තාව තමන්  සතු කරගෙන සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T20 කඩුලු 150 සීමාව පසු කළ පළමු පන්දු යවන්නා ලෙසද ඔහු වාර්තා අතරට එක්වුණා.

(colombotimes.lk)