12 January 2026

logo

උසස් පෙළ විභාගයේ ඉතුරු විෂයන් අදින් ඇරඹෙයි



දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් අද (12) සිට පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළා. 

ඇය වැඩිදුරටත් කියා සිටියේ අද (12) සිට ලබන 20වනදා දක්වා එම විභාගය පැවැත්වීමට නියමිත බවයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් පිහිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)