12 January 2026

logo

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්



පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති අවසන් T20 තරගය ලකුණු 14කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉන්මක් පන්දුවාර 12කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 146ක් පමණයි.

(colombotimes.lk)