වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (24) පස්වරු 4 සිට අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැත් සේවකයින් එකඟ වූ බව විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වර්ජනයේ නියත තැපැල් සේවකයින් කියා සිටියේ අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරුක් ලැබෙන තුර වර්ජනය සම්බන්ධයෙන් නිෂ්චිතව කිව නොහැකි බවයි.
(colombotimes.lk)