24 August 2025

logo

තැපැල් සේවකයන් දරුණු වෙයි



තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද (20) ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළා. 


(colombotimes.lk)