22 August 2025

logo

තැපැල් සේවකයන් දැඩි තීරණයක



වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා. 

ඔහු කියා සිටියේ මේ දක්වාත් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී නොමැති බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බව චින්තක බණ්ඩාර සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිඳු සාකච්ඡාවක් සිදු කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බවයි. 

මේ වන විටත් ලක්ෂ 17කට ආසන්න තැපැල් මළු ප්‍රමාණයක් තැපැල් ස්ථාන ආශ්‍රිතව ගොඩගැසී ඇති බවද ඔහු කියා සිටියා. 

(colombotimes.lk)