22 August 2025

logo

මරදාන - දෙමටගොඩ අතර දුම්රියක් පීලි පනියි



මරදාන සහ දෙමටගොඩ දුම්රිය අංගන අතර අද (21) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදු වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. 

පීලි පැනීමෙන් අනතුරට පත් දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි. 

(colombotimes.lk)