22 August 2025

logo

ගාසාව අත්පත් කර ගැනීමේ පළමු අදියර ඇරඹෙයි



ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව මේ වන විටත් තදාසන්න ප්‍රදේශ කිහිපයක් අත්පත් කරගෙන ඇති බවයි.

මෙම මෙහෙයුම සඳහා ලබන මාසය ආරම්භයේදී  හමුදා පුහුණුව ලැබූ සිවිල් වැසියන් 60,000ක් පමණ කැඳවීමට නියමිතව තිබෙනවා. 

මේ අතර ඊශ්‍රායලය, සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක් සිදු කරන බවට හමාස් සංවිධානය චෝදනා කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ විවිධ පිරිස් මෙම සැලැස්ම හෙළා දැක ඇති පසුබිමකයි.

මෙම මෙහෙයුම මඟින් මැද පෙරදිග කලාපයම යුද්ධයකට ඇද දැමීමේ අවදානමක් පවතින බවද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා. 

රතු කුරුස සංවිධානය සඳහන් කළේ මෙම මෙහෙයුම මඟින් ගාසා තීරයේ ජනතාවගේ තත්ත්වය තවදුරටත් දුෂ්කර විය හැකි බවයි.

2023 ඔක්තෝබර් 7වනදා ආරම්භ වූ ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් ගාසාහී  පුද්ගලයන් 62,122දෙනෙක් මිය ගොස් තිබෙනවා. 


(colombotimes.lk)