නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) අධිකරණ නිලධාරීන් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් දැන්වීම් අලවා තිබෙනවා.
ඒ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින්.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදු කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝසමක් මඟින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරු ඔහුට නොතීසි නිකුත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එළඹෙන අගෝස්තු 29වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නොතීසි නිකුත් කළා.
(colombotimes.lk)