colombotimes.lk
සිංහල | English

08 September 2024


ජාත්‍යන්තර අවධානය දිනූ පූර්ව විවාහ මංගලෝත්සවය



ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානි සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් යුවළ පසුගිය 2022 වසරේ විවාහ ගිවිසගත් බව එරට මාධ්‍ය වාර්තා කළා.

ගුජරාට් ප්‍රාන්තයේ දින තුනක් පුරාවට පැවැත්වීමට නියමිත එම පූර්ව මංගලෝත්සවය සඳහා ලොව පුරා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු අමුත්තන් 37 දෙනෙකුට ඇරයුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් ඇතුළු ලොව නොම්බර එකේ ධනවතුන් ද ඇතුළත් වීම විශේෂත්වයක්.   
(colombotimes.lk)