සංචාරක එංගලන්ත කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 357ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව අන්ත අසරණ කළ එංගලන්ත නායක හැරී බෘක් සහ ජෝ රූට් 4වන කඩුල්ල වෙනුවෙන් පන්දු 113කින් ලකුණු 173ක සබඳතාවයක් ගොඩනැගුවා.
ඒ අනුව ජෝ රූට් නොදැවී ලකුණු 111ක් හැරී බෘක් නොදැවී ලකුණු 136ක් රැස් කළා.
තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට ලකුණු 358ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.
ඔහුගේ මෙම ඉනිමකට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත්.
මෙම අර්ධ ශතකය වාර්තා වුණේ ඔහුගේ 18වන අර්ධ ශතකය ලෙසයි.
ඒ අනුව පන්දු 24කින් මෙම අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 50කට දැවී ගියා. 
(colomboimes.lk)
