සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (19) පවත්වා තිබෙනවා.
ඒ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු 04ක ආයතන 41ක් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස මෙහිදී නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද විමසා බලා තිබෙනවා.
මේ වන විට පුද්ගලයන් 30,000කට 01ක් වශයෙන් ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පුද්ගලයන් 10,000කට 01ක් වන අයුරින් සංවර්ධනය කිරීමට සැලසුම් කිරීමට ද මෙහිදී අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
වත්මන් තාක්ෂණික සහ සමාජයීය තත්ත්වයන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සංවිධානාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජනය කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීම සහ එහිදී මතුවී ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)