2009 වර්ෂයෙන් පසුව ආරක්ෂක අංශ සහ පොලීසිය භාරයේ තිබූ උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් මේ වනවිට නිදහස් කර ඇති බව ජනාධිපතිවරයා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වනවිට අදාළ ඉඩම් ප්‍රමාණයෙන් සියයට 90ත් 92ත් අතර ප්‍රමාණයක් ක්‍රමානුකූලව නිදහස් කර ඇති බවයි.
මෙම ඉඩම් ප්‍රමාණයට අක්කර 22,919ක් ඇතුළත් වන අතර ඉන් අක්කර 817ක් රජයට අයත් බවත්, අක්කර 22,101 පෞද්ගලික ඉඩම් බවත් ජනපතිවරයා ප්‍රකාශ කළා.
එසේම තවදුරටත් පොලීසිය සහ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ප්‍රමාණය අක්කර 3754ක් වන අතර ඉන් අක්කර 862ක් රජය සතු වන බවත්, අක්කර 2832ක් පෞද්ගලික ඉඩම් බවත් ඔහු කියා සිටියා.
(colombotimes.lk)