17 July 2025

logo

අර්බුධයෙන් මිදීමට කලයුතු දේ ජනපති කියයි



පාර්ලිමේන්තුවේ කිසිඳු දේශපාලන පක්ෂයකට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

 
ඊයේ (02) පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමින් ඔහු මේ අදහස් පළකර තිබුණා. 
 
එමෙන්ම ඔහු සඳහන් කළේ, සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවයි. 
 
මෙරට තරුණ පරපුර ඇතුළු බහුතරයක් ජනතාව අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. 
 
ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදීම සඳහා නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීම ප්‍රමාණවත් නොවන බවද ඔහු සඳහන් කළා. 
 
එමෙන්ම ඔහු අවධාරණය කළේ, සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවයි.
(colombotimes.lk)