06 September 2025

logo

වෛද්‍යවරියක් අත්අඩංගුවට



ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව මහනුවර වාරියපොළ සුමංගල මාවතේදී සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර වෛද්‍යවරිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් පරීක්ෂණ පවත්වනු ලබනවා.

(colombotimes.lk)