23 September 2025

logo

ජනපති ඇමරිකාව බලා පිටත් වෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. 

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයට සහභාගී වීම සඳහායි. 

ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි. 

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයන් කිහිපදෙනක් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ හමුවකට ද සහභාගීවීමටද නියමිතව බවයි. 

(colombotimes.lk)