ඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් 16දෙනෙක්ට ජීවිත අහිමි කරමින් සිදු වූ බිහිසුණු අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව අමාත්‍ය බිමල් රතනායක වෙත භාරදී තිබෙනවා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදීයි.
අනතුරට පත්වූ NB- 1673 බස් රථයේ රියදුරු ප්‍රථම වතාවට එය ධාවනය කළ බවත් අධික බෑවුම් සහ වංගු සහිත අවධානම්කාරී මාර්ගයක, මාර්ගය හුරු නැති රියදුරෙක් ලෙස පිරිසක් රැගෙන බසය ධාවනය කිරීම අනතුරට හේතුව ලෙසත් අදාළ වාර්තාවේ සඳහන් වනවා.
එමෙන්ම අදාළ බස් රථයේ අනන්‍යතාවය ද සැක සහිත බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
තිරිංග ඩ්‍රම්ස් ගලවා පරීක්ෂා කිරීමේදී ඉදිරි දෙපස සහ පසු පස ඩ්‍රම්ස්වල පැහැය වෙනස් වී තිබීමෙන් ඒවා අධික ලෙස රත්ව තිබූ බවට නිරීක්ෂණය වී තිබෙනවා.
එමෙන්ම පිටුපස රෝදයේ තිරිංග පද්ධතියේ ග්‍රීස් කාන්දුවක් තිබූ බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
අදාළ කමිටු වාර්තාවට අනුව අනතුරට ලක් වූ බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවට අනාවරණය වී ඇති අතර තිරිංග පද්ධතියේ ද දෝෂ පැවති බව හඳුනාගෙන තිබෙනවා.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ බස් රථයේ රියදුරු අදාළ ප්‍රදේශයේ මාර්ගය පිලිබඳව නිසි දැනුවත්භාවයකින් තොරව කටයුතු කර ඇති බවයි.
(colombotimes.lk)