ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) දෙවන දිනටත් උතුරේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
ඒ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් සඳහායි.
ජනාධිපතිවරයා අද උදෑසන මුලතිව් ප්‍රදේශයට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එහිදී ජනාධිපතිවරයා ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කරන කප්තුරු සවිය ජාතික වැඩසටහනට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ යටතේ යාපනය, මුලතිව්, මන්නාරම උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට ද නියමිතයි.
ඊට අදාළ උතුරේ පළමු බීජ ගොවිපළ පලෙයි නගරයේ ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කරන අතර 2027 වර්ෂය වන විට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා වැඩි කිරීම අපේක්ෂාව වී තිබෙනවා.
අනතුරුව ජනාධිපතිවරයා මුලතිව්, වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවටද එක්වීමට නියමිතයි.
(colombotimes.lk)