colombotimes.lk
සිංහල | English

07 May 2024

ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. 

ඒ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව බවයි වාර්තා වන්නේ. 
 
පාර්ලිමේන්තුවේ අද (08) දිනට නියමිත කරුණු සම්බන්ධයෙන් විවාද ඇරඹීමට පෙර මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.
 
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබුණා. 
 
විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළා. 
 
තවද මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත නව ක්‍රමයට අදාල කෙටුම්පත සකසන ලෙස ද ජනපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)