11 February 2026

logo

ජනපති අද නුවරඑළියට



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) නුවරඑළිය දිස්ත්‍රික්කයට ගොස් තිබෙනවා. 

ඒ විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන 'රටම එකට' ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන පැවැත්වීම සඳහායි. 

මලෛගම් ජනතාව මුහුණදී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

මෙහි අරමුණ වන්නේ සියලු පාර්ශව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මඟින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීමයි. 

විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබාදුන් පොලිස් නිලධාරීන් 62දෙනෙක් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි. 

(colombotimes.lk)