මෙවර ලෝක කුසලානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ඨාන කණ්ඩායම අතර තරගය මේ වන විට ඉන්දියාවේ අහමදාබාද්හීදී පැවැත්වෙනවා.
ඒ D කාණ්ඩය යටතේයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.
මෙහිදී Quinton de Kock ලකුණු 59ක් සහ Ryan Rickelton ලකුණු 61ක් රැස් කළා.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇෆ්ගනිස්ඨාන කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.
(COLOMBOTIMES.LK)
